ඩිල්ෂාන් පිතිකරණ පුහුණුකරු ධුරයට අයදුම් කරයි

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකාරධූරයට තමා අයදුම් කර ඇතැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් අද අනාවරණ කළා.

පිතිකරණ පුහුණුකරුධූරය හිමිවුවහොත් ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශය වැඩිදියුණු කිරීමේ වසර 3ක සැලැස්මක් තමන් සතු බව ඩිල්ෂාන් පැවසුවේ.

“ලැබුණොත් ලොකු සැලැස්මක් තියෙනවා. සෑම ක්‍රීඩකයෙකුටම තනි තනියෙන් කතා කරනවා. සාර්ථක අසාර්ථක වීම් විමසනවා. වෙනම විශ්ලේෂණය කරනවා. ක්‍රීඩකයින්ට භූමිකාවක් දෙන්න ඕන. අවුරුදු 3ක සැලැසමක් හදලා තරගාවලියෙන් තරගාවලියට විමසනන් ඕන” යනුවෙන් ඩිල්ෂාන් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *