ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නව ක්‍රිකට් තේරීම් කමිටුව වෙත සුබ පැතුම් එක්කර කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ පසුගිය වසර දෙක හමාර තුළ ශ්‍රී ලංකවේ ක්‍රිකට් ක්‍රීඩාව අභියෝග රැසකට මුහුණ දුන් බවයි.
එම අභියෝග නොතකා තමා ඇතුළු ක්‍රිකට් තේරීම් කමිටුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ලෙස හැඳින්විය හැකි කුසලතා පිරි යොවුන් ක්‍රීඩකයින් රැසක් හඳුනාගත් බවද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එමෙන්ම ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස තමන්ට දැඩි සහ ජනප්‍රිය නොවන තීරණ රැසක් ගැනීමට සිදු වූ අතර එම තීරණ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත උදෙසා ගනු ලැබූ පියවරක් බවද ඔහු සඳහන් කළා.
නව ක්‍රිකට් තේරීම් කමිටුවට සුබ පතමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසුවේ නව ක්‍රිකට් තේරීමි කමිටුවට ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
ප්‍රමෝද්‍ය නිකුත් කළ නිවේදනය පහතින්..
My Dear Friends of the Media,
As you are aware the tenure of my Chairmanship of the National Cricket Selection Committee has come to a conclusion. It is no secret to the Cricketing fraternity that the last two and a half years for Sri Lanka Cricket has been a challenging one. Regardless of these challenges, it is my belief that me and my fellow selectors have found several highly talented young Cricketers who will be the future of the Sri Lankan cricket team. This current group of young Cricketers will achieve great heights after gaining much valuable experience within the next two years.
As the Chairman of Selectors I had to make many hard and unpopular decisions and I would like to reiterate that these decisions were made with the best interest of Sri Lanka Cricket in mind.
As the outgoing Chairman I wish the very best to the incoming selection committee and express confidence in them to take Sri Lanka Cricket forward.
I also take this opportunity to thank the Sri Lankan media personnel for all the support extended to me along with all the constructive criticism which came along the way.
Regards
Pramodya Wickramasinghe
