ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ක්‍රීඩිකාවන් වෙන්දේසියේදී චමරි අතපත්තු කිසිඳු කණ්ඩායමක් මිලදී නොගැනීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබෙනවා.
ක්‍රීඩක වෙන්දේසිය ඊයේ පැවැත්වුණේ මුම්බායිහිදි.
මෙවර ඉන්දිය කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රීඩිකාවන් වෙන්දේසියට ක්‍රීඩිකාවන් 165 දෙනෙකු ඉදිරිපත් කර තිබූ අතර ඉන් ක්‍රීඩිකාවන් 30 දෙනෙක් තරගාවලියට එක්වන කණ්ඩායම් 5 විසින් මිලදී ගැනීමට නියමිතව තිබුණා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ගෝලීය කාර්ය සාධන ප්‍රධානී මහේල ජයවර්ධන ඇතුළු කණ්ඩායමේ හිමිකරුවන්ද මෙම ක්‍රීඩක වෙන්දේසියට එක්ව සිටියා.
මෙවර වෙන්දේසියේ ශ්‍රී ලංකා නායකා චමරි අතපත්තු සහ ඉනෝකා රණවීර ලියාපදිංචි වි සිටියේ ඉන්දියන් රුපියල් ලක්ෂ 30ක වටිනාකමක් හිමි මුදල් කාණ්ඩයටයි.
කෙසේ වෙතත් බිග්බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූ චමරි අතපත්තු කිසිඳු කණ්ඩායමක් විසින් මිලදී ගැනීමට කටයුතු නොකර තිබූ අතර ඒ පිළිබඳ පාර්ශ්ව කිහිපයක් විමතියද පළ කර තිබුණා.
කණ්ඩායම් විසින් හිතාමතාම මෙය සිදු කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
මුම්බායි ඉන්දියන්ස් කාන්තා පිලේ ප්‍රධාන පුහුණුකාරිනී චාර්ලට්ස් එඩ්වර්ඩ්ස් පැවසූවේ චමරිව මිලදී නොගැනීම සම්බන්ධයෙන් තමන් කම්පනයට පත්ව සිටින බවයි.
ඇය සඳහන් කර තිබුණේ “I thought she was going to be one of the top three picks,” Mumbai Indians coach Charlotte Edwards told reporters. I’m shocked she didn’t get taken:”
චමරි තේරා නැගැනීම සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ තිබුණේ මෙලෙසින්.




