ආසියානු කුසලාන තරගාවලියේ දි පොරොන්දු වු රුපියල් මිලියන 16ක මුදල ක්‍රිකට් ක්‍රීඩාංගන සේවකයින් වෙත බෙදා හැරීම ආරම්භ කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ 2023 ආසියානු කුසලාන එක්දින තරගාවලියේ කොළඹ ආර්.ප්‍රේමදාස සහ මහනුවර – පල්ලේකැලේ ක්‍රීඩාංගණවල ස්ථිර සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කල කාර්ය මණ්ඩල සදහා අදාල මුදල් පිරිනැමීම ආරම්භ කළ බවයි.
ඒ අනුව සේවකයින් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණ සේවකයින් 138කට සහ මහනුවර පල්ලේකැලේ සේවකයින් 115 දෙනෙකු අතරේ රුපියල් මිලියන 16ක ත්‍යාග මුදල සිකුරාදා වන විට බෙදා හැරීම අවසන් කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනඉ නිවේදනය කළේ.
අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ වුවද තරඟාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා පුහුණුවීම් පහසුකම්, පිටියේ, තණතීරු, පිටිය ආවරණය කිරීම සහ අනාවරණ කිරීම, ඒ හා සම්බන්ධ සේවාවන් නිසි පරිදි ක්‍රියාත්මක වීම සහතික කිරීම සඳහා ක්‍රීඩාංගන දෙකෙහිම කාර්ය මණ්ඩලය විසින් තරඟාවලිය තුළ විශිෂ්ට සේවාවක් සිදු කළා.
මේ සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ඩොලර් 25,000ක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 25,000ක් දායකත්වයක් ලබාදී තිබෙනවා.
