අරවින්දට සුදුසුම තැන ලැබෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2023 “Hall of Fame” යන විශේෂ ගෞරව නාමය මෙරට හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා ට පිරිනමා තිබෙනවා.

ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ඉන්දියාවේ මුම්බායි හි පැවති උත්සවයකදීයි.

අරවින්දට අමතරව 2023 සඳහා එම විශේෂ ගෞරවය ඉන්දීය සුපිරි පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් සහ ඉන්දීය කාන්තා කණ්ඩායමේ සිටි සුපිරි ක්‍රීඩිකාවක් වන ඩයනා එඩුල්ජි ට ලැබී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

පසුගිය 13 වනදා 2023 “Hall of Fame” යන විශේෂ ගෞරවය ඔවුන්ට පිරිනැමීමට තීරණය කර ඇති බව නිවේදනය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *