ඉන්දියාව 2023 ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.
ඒ අවසන් පූර්ව වටයේදී නවසීලන්ත කණ්ඩායම ලකුණු 70කින් පරාජයට පත් කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 397ක් රැස් කළා.
එහි දී විශිෂ්ට පිතිකරණයක නිරත වූ විරාට් කෝලි සිය 50 වැනි ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 48යි පන්දු 5කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 327ක් පමණයි.
නවසීලන්තය වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කළ ඩැරල් මිචෙල් ලකුණු 134ක් ලබා ගත්තා.
ඉන්දියාව එක්දින ලෝක කුසලානයක අවසන් මහා තරගයකට පිවිසි සිව්වන අවස්ථාව මෙය වනවා.
ඉන්දියාව මේ දක්වා මෙවර ලෝක කුසලානයේ සහභාගි වූ තරග 10ම ජයගෙන ඇති අතර ඔවුන් අඛණ්ඩව එක්දින තරග 10ක් ජය ගත් පළමු අවස්ථාවද මෙය වනවා.
ලකුණු පුවරුව පහතින්

