ශ්‍රී ලංකා A පිල ඉන්දියාව සමග අවසන් සටනට එයි

දඹුල්ලේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා  A කණ්ඩායම සමත්වුණා.

ඒ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සමග ඊයෙ පැවැති තරගය ලකුණු 103කින් ජය ගනිමින්.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 322ක් රැස් කිරීමට සමත්වුණා.

අවිශ්ක ප්‍රනාන්දු සහ නිරෝෂන් දික්වැල්ල ආරම්භ කඩුල්ලට ලකුණු 133ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා A පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්නා.

අවිශ්න ප්‍රනාන්දු ලකුණු 110ක් රැස් කළ අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 66ක් සහ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 45ක් රැස් කළා.

ලකුණු 323ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 219ක් පමණයි.

ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම වෙනුවෙන් හසන් එයිසාකිල් ලකුණු 75ක් රැස් කළ අතර ඇෆ්ගනිස්තාන ඉනිම සුනුවිසුනු කළ දුලාජ් සමුදික ලකුණු 25කට කඩුලු 5ක් දවා ගත්තා.

කුගදාස් මාතුලන් ලකුණු 38කට කඩුලු 3ක් දවා ගැනීමට සමත්වුණා.

ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 103ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා A කණ්ඩායම මෙවර තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඉන්දීය A කණ්ඩායම අතර හෙට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *