බට්ටිලා ඓතිහාසික ජයක් සොයා ඉන්දියාවට

ඉන්දීය තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම ඉකුත්දා දිවයිනෙන් පිටත්ව ගියා.

මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිලට නායකත්වය ලබාදෙන්නේ චමුදි ප්‍රබෝධායි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම ඉන්දීය තරග සංචාරයේදී ඉන්දීය යොවුන් කාන්තා පිල සමග 20-20 තරග 3කට සහ එක්දින තරග 3කට සහභාගිවීමට නියමිතයි.

චමුදි ප්‍රබෝධාගේ නායකත්වයෙන් සහ සංජනා කාවින්දිගේ උප නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව ඉතිහාසයේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමේ අධිෂ්ඨානයෙන් මෙවර ඉන්දීය සංචාරය එක්වනවා.

මෙවර සංචිතයේ කැපී පෙනෙන සිදුවීමක් වන්නේ හිටපු යොවුන් නායිකාවක සහ තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන මනුදි නානායක්කාර නැවතත් කණ්ඩායමට කැඳවා තිබීමයි.

ඇයගේ යළි එක්වීම කණ්ඩායමට අත්දැකීම් සහ ස්ථාවරත්වය එක්කරන සාධකයක් ලෙස සැලකේ.

මෙවර සංචිතයට එක්ව ඇති අනෙක් නව මුහුණ වන්නේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ක්‍රීඩිකාවක වන සනුකි පතිරගේයි.

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයදෙී සර්ව ආගමික වතාවත්වල නිරත වුණා.

ශ්‍රී ලංකා සහ ඉන්දීය යොවුන් කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත 20-20 තරගාවලිය ජුනි 22 වැනිදා චෙන්නායි හිදි ආරම්භ වන අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ජුනි 30 වැනිදා ආරම්භ වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *