ශ්‍රී ලංකා කාන්තා පිල 20-20 ලෝක ශූරියන් පරදවයි

2026 ICC විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තවත් උණුසුම් තරගයකදී නවසීලන්ත කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 150ක් රැස් කළේය. එහිදී මෙලී කර් සහ සොෆී ඩිවයින් ලකුණු 45 බැගින් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්වූ අතර, මැඩි ග්‍රීන් ලකුණු 18ක් එක් කළාය.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතරින් කවිෂ්කා දිල්හාරි කඩුලු 2ක් බිඳ හෙළූ අතර, මිහිරි අයෝධ්‍යා, කව්‍යා කාවින්දි, සුගන්ධිකා කුමාරි, චමරි අතපත්තු සහ නිමාෂා මේගපගේ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 151ක ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය පන්දුවාර 19.4කදී කඩුලු 5ක් පමණක් අහිමි කර ගනිමින් සාර්ථකව පසුකර යාමට හැකි විය.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ කොඳු නාරටිය බවට පත් වූ නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 54ක් රැස් කළ අතර, නායිකා චමරි අතපත්තු ලකුණු 27ක් ලබා දුන්නාය. විශ්මි ගුණරත්න ලකුණු 17ක් ලබාගත් අතර, අවසන් අදියරේදී කවිෂා දිල්හාරි නොදැවී ලකුණු 24ක් ලබා ගනිමින් නිලක්ෂි සමඟ එක්ව ජයග්‍රහණය තහවුරු කළාය.

නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී බෲක් හලිඩේ සහ ජෙස් කර් කඩුලු 2 බැගින් දවා ගත්තද, ශ්‍රී ලංකා පිතිකාරියන්ගේ සාර්ථක ප්‍රහාරය හමුවේ එය ප්‍රමාණවත් නොවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *