සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 7කින් ජයගැනීමට කොදෙව් කණ්ඩායම සමත්වුණා.
ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ තරග 1 ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.
සබීනා පාක්හීදී තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 147ක්.
කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක් සහ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 36ක්රැස් කළා.
ලකුණු 148ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 2කදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියා.
මෙම තරගයේදී ලසිත් කෲස්පුල්‌ලේ 20-20 ජාත්‍යන්තර තරග වරම් දිනා ගත්තද ඔහු ලකුණු නොලබා දැවී ගියා.
යොවුන් ක්‍රීඩකයෙකුට සිය මව්බිමේදී ජාත්‍යන්තර මංගල තරගයක් ක්‍රීඩා කිරීමට නොදී ඔහුගේ ක්‍රීඩාදිවියත් වත්මන් තේරීම් කමිටුව මෙසේ අතුගා දමන්නට සැරසෙන්නේ කුමන අරමුණක් උදෙසාද යන්න ගැටලුවක්.
ඒමෙන්ම වත්මන් ක්‍රිකට් පරිපාලන කමිටුව පත් වීමෙන් පසු ශ්‍රී ලංකාව ලද පළමු පරාජය මෙය ව අතර ඔවුන්ගේ පරිපාලන සමයේදී මේ දක්වා ශ්‍රී ලංකාව සහභාගි වූ ඒක්දින තරග 3න් ඒක් තරගයක් පමණක් ජය ගත් අතර අනෙක් තරග දෙක වැස්සට සේදි ගියා.
මින් පැහැදිලි වන කරුණක් කවුරුන් ක්‍රිකට් පරිපාලනය කළද ජයග්‍රහණ ලැබීම නම් ක්‍රීඩකයින් සිය උපරිමයෙන් ක්‍රීඩා කළ යුතු බවයි.
ක්‍රීඩකයින්ගේ පෞද්ගලික කළමනාකරුවන් කණ්ඩායමට කරන බලපෑම් නවතන තාක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජය මාවතට රැගෙන අසීරු කටයුත්තක් වනු ඇති.
