ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.
එහි දක්වා ඇතිතේ අතුරු කමිටු හෝ වෙනත් කිසිදු කමිටුවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිළිනොගන්නා බවත් ඒ අනුව කඩිනමින් ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වා සුදුසු පුද්ගලයින් ඒ සඳහා පත්කර ගන්නා ලෙසයි.
ජුලි 31 දක්වා ඒ සඳහා කාලය ලබාදී ඇති බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියමයන්ට අනුව කටයුතු නොකරන්නේ නම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි තීන්දු ගැනීමට සිදුවනු ඇති බවද එම ලිපිය මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දක්වා තිබෙනවා.
