කොළඹ DS සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවති රන් මහ සටන එක්දින තරගයේ ජය මෙවර අත්කර ගැනීමට කොළඹ මහානාම කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ කොළඹ DS සේනානායක විද්‍යාලය කඩුලු 7කින් පරාජය කරමින්.
කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණය්දී පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එක් ඉනිමක් පන්දුවාර 42කට සීමාවුණා.
ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ DS සේනානායක විද්‍යාලය නියමිත පන්දුවාර 42 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 194ක් රැස්කළා.
ෂානල් බිනූක්ෂ ලකුණු 58ක් සහ සිත් රූ ගුණරත්න ලකුණු 51ක් ලබාගත්තා.
පන්දු යැවීම දුල්නිත් සිගේරා ලකුණු 30ට කඩුලු 3ක් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොළඹ මහානාම විද්‍යාලය පන්දුවාර 30යි එක් පන්දුවක් අවසනායේ කඩුලු 3ක් පමණක් දැවී සිය ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියා.
සනුල් වීරරත්න ලකුණු 57ක් සහ වෙනුර කවීත්‍ර ලකුණු 51ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී බාසුර ජයසේන ලකුණු 34 ට කඩුලු 2ක් දවාගත්තා.
