ශම්මිලාගේ සැලසුම් තිතට වැඩ – කාන්තා පිලට තවත් පූර්ණ තරගාවලි ජයක්

බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව පූර්ණ විස්සයි විස්ස තරගාවලි ජයක් වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.

ඒ, දෙරට අතර පැවති තුන්වැනි සහ අවසන් විස්සයි විස්ස තරගය ලකුණු තුනකින් ජය ගනිමින්.
බංග්ලාදේශයේ සයිල්හෙට් හි පැවති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තරගයේ එක් ඉනිමක් පන්දුවාර 9කට සීමාවුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කාන්තා පිලේ ඇරියුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා පිල නියමිත පන්දුවාර 9 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 87ක් රැස් කිරීමට සමත්වුණා.

නායිකා චමරි අතපත්තු ලකුණු 41ක් රැස් කළ අතර ඉමේෂා දුලානි ලකුණු 19යි.

ලකුණු 88ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බංග්ලාදේශ කාන්තා පිල නියමිත පන්දුවාර 9දී කඩුලු 6ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 84ක් පමණයි.

අවසන් පන්දුවාරයේදී බංග්ලාදේශ කාන්තා පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 14ක් ලබාගත යුතුව තිබූ අතර ඔවුන් එහිදී රැස් කළේ ලකුණු 10ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 3ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා පිල තරග තුනකින් සමන්විත මෙම විස්සයි විස්ස තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගනිමින් පූර්ණ තරගාවලි ජයක් වාර්තා කළා.

ශ්‍රී ලංකා කාන්තා පිල මෙම තරග සංචාරයේදී බංග්ලාදේශය සමග පැවැති එක්දින තරගාවලියද 2ට 1ක් ලෙස ජයගත්තා.
ශම්මි ක්‍රිකට් පරිපාලනය කාන්තා ක්‍රිකට් වෙනුවෙන් ගත් ඍජු තීරණ සමග මේ වන විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසර කිහිපයේදී කැපී පෙනන දක්ෂතා ප්‍රදර්ශනය කළා.
කොළඹ සීමා වූ කාන්තා ක්‍රිකට් මේ වන විට ගම් නියම් ගම් සිසාර විහිදී ජාතික කණ්ඩායමට දුර බැහැර ප්‍රෙද්ශවලින්ද ක්‍රීඩිකාවන් පැමිණිම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දියත් කළ ක්‍රිකට් ගමට වැඩසහටන හරහා මේ වන විට මෙරට කාන්තා ක්‍රිකට් ස්වර්ණමය යුගයක් ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *