ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ගනිමින් විශේෂ ලිපියක් ක්‍රිකට් ආයතනය වෙත යොමු කර තිබෙනවා.
ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ක්‍රිකට් ආයතනයෙන් අවසර (NOC) ලබා ගැනීමේ අරමුණින් ඔහු කොළඹ දිසා අධිකරණය හමුවේ නීතිමය ක්‍රියාමර්ග ගත් පසුබිමකයි.
එම අධිකරණ ක්‍රියාමාර්ගය තමන් විසින් ඉවත් කර ගන්නා බවයි නුවන් තුෂාර අදාළ ලිපිය ඔස්සේ ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ.
අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි තමන්ට “විරෝධතා නොමැති සහතිකය” (අවසර) (NOC) නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ අනිවාර්ය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ගොණු කළ පැමිණිල්ල ඊයේ යළි කැදවනු ලැබුවා.
එහිදී අදාළ පැමිණිල්ලට එරෙහිව විරෝධතා ගොණු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොළඹ දිසා අධිකරණය හමුවේ දැනුම් දී තිබුණේ.
ඒ අනුව විරෝධතා ගොණු කිරීම සඳහා එම පැමිණිල්ල ලබන 23 වනදා කැඳවීමට කොළඹ දිසා අධිකරණය නියම කළා.
නුවන් තුෂාර මෙවර IPL තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව සිටි නමුත්, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔහු අසමත් වීම හේතුවෙන් නුවන් තුෂාරට තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ක්‍රිකට් ආයතනය අවසර ලබා දුන්නේ නැහැ.
නුවන් තුෂාර දණගසයි – නඩුව ඉල්ලා අස්කර ගනියි
