ශ්‍රී ලංකා වේගපන්දුයවන ක්‍රීඩක නුවන් තුෂාර කොළඹ දිසා අධිකරණය හමුවේ අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුලු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකිවන පරිදි තමන් වෙත “විරෝධතා නොමැති බව” සඳහන් ලිපිය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.
මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 8 දෙනෙකු සහභාගිවීමට නියමිතව සිටියත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සඳහා අවසර ලබාදුන්නේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්වූ ක්‍රීඩකයින් පස්දෙනෙකුට පමණයි.
මතීෂ පතිරණ, වනිඳු හසරංග තවමත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට ඉදිරිපත් වී නොමැති අතර නුවන් තුෂාර අවස්ථා දෙකකදී සිය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත්ව තිබූ අතර ඔහු ලබාගෙන තිබුණේ ලකුණු 5ක් පමණයි.
එවන් පසුබිමක මෙවර අයි පී එල් තරගාවලියේදී රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කිරීමට සූදානමින් සිටි නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණේ මධ්‍යම කොන්ත්‍රාත්තුවට තමන් ඇතුළත් කර නොගන්නා ලෙසයි.
තමන්ට තවමත් අයි පී එල් තරගාවලියට සහභාගිවීට අවසර හිමි නොවු බැවින් නුවන් තුෂාර කොළඹ දිසා අධිකරණය හමුවේ අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුලු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකිවන පරිදි තමන් වෙත “විරෝධතා නොමැති බව” සඳහන් ලිපිය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.
ඒ අනුව අදාල පැමිණිල්ල කරුණු සලකා බැලීම සඳහා අප්‍රේල් මස 09 වනදා කැඳවීමට නියම කළ අධිකරණය වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.
මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා නම් කර තිබෙනවා.
