ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා අතුරු කමිටුවක් පත් කිරීමත් සමග ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වෙනස් කිහිපයක්ද සිදු කිරීමට පියවර ගනු ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව එක්දින, ටෙස්ට් සහ 20-20 යන ආකෘති තුන සදහා එක් නායකයෙකු පත් කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.
වාර්තා වන තොරතුරු අනුව ආකෘති තුනේම නායකයා ලෙස ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් පත් කිරීමට අවධානය යොමුව ඇති බවද වාර්තා වනවා.
එමෙන්ම දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු අත්දැකීම් සහිත තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සිවුදෙනෙකු ශ්‍රී ලංකා පිලට කැදවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
