ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (06) සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වනවා.
අභ්යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙවැනි කමිටුවක් පත්කරන බව ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බවයි.
එමෙන්ම නව අතුරු කමිටුවට පත්කළ සාමාජිකයින් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර නොමැති බවද වාර්තා වනවා.
මේ පිළිබඳව විමසීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතාව සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවත් එය මේ දක්වා සාර්ථක වී නොමැති බවද වාර්තා වනවා.
