පිතිකරුවෙකු දැවී ගිය පසු විනාඩි දෙකක් ඇතුළත පිතිකරණයට සූදානම් නොවීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කිරීමට විනිසුරුවක් අද පියවර ගත්තා.
ඒ ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගයේදීයි.
25 වන පන්දුවාරයේ 2 වන පන්දුවේදී මෙම අවාසනාවන්ත දැවී යාම සිදු වූූ අතර මෙම දැවී යාම ක්‍රිකට් ජීව ගුණයට හානි කළ සිදුවීමක් ලෙසයි ක්‍රිකට් විචාරකයින් පැවසුවේ.
පිතිකරුවෙකු දැවී ගිය පසු පිටියට පැමිණෙන අනෙක් පිතිකරුවා විනාඩි 2ක් ඇතුළත පිතිකරු සීමාවට පැමිණිය යුතු අතර මැතිව්ස් පිටියට පැමිණියද, සිය හෙල්මටය කැඩී ඇති බැවින් යළි නව හෙල්මටයක් රැගෙන එන තෙක් සීමාවේ සිටියද පන්දුයවන්නා පන්දුයැවීමට සූදානම් වුවත් මැතිව්ස් හෙල්මටය රැගෙන එන තෙක් සිටි බැවින් ඒ වන විටත් විනාඩි දෙකක කාලය අවසන් වී ඇති නිසා විනිසුරුවරයා ඔහු දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කළා.
මෙවැනි දැවී යාමක් ලොව සිදුවූ පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්වුණා.
