ශ්‍රී ලංකා යොවුන් පිල ලෝක කුසලානයේ පළමු ජය ලබයි

WINDHOEK, NAMIBIA - JANUARY 17: Dimantha Mahavithana and Viran Chamuditha of Sri Lanka interact during the ICC U19 Men´s Cricket World Cup 2026 match between Japan and Sri Lanka at Namibia Cricket Ground on January 17, 2026 in Windhoek, Namibia. (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images)

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද සමත්වුණා.

ඒ ජපාන කණ්ඩායමට එරෙහිව ලකුණු 203ක දැවැන්ත ජයක් වාර්තා කරමින්.

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පිල මූලික වටයේ සහභාගි වන පළමු තරගය නැමීබියාවේදී පැවැත්වෙන්නේ ජපානයට එරෙහිවයි.

එහිදී ජපාන කණ්ඩායමේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 4ක් දැවී ලකුණු 387ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

මෙහිදී ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ විරාන් චමුදිත සහ දිමන්ත මහවිතාන පළමු කඩුල්ලට ලකුණු 328ක සබඳතාවක් ගොඩනැගු අතර එය වාර්තා අතරට එක්වුණේ යොවුන් එක්දින පිටියේ ක්‍රීඩකයින් දෙපෙළක් ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාව ලෙසයි.

මෙහිදී විරාන් චමුදිත ලකුණු 192ක් රැස් කළ අතරය එම ලකුණු සංඛ්‍යාව යොවුන් එක්දින ලෝක කුසලානයක ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද වුණා.

මීටපෙර එම වාර්තාවට ශ්‍රී ලංකාවේ හසිත බෝයගොඩ හිමිකම් කී අතර ඔහු 2018 යොවුන් ලෝක කුසලානයේදී කෙන්යාවට එරෙහිව ලකුණු 191ක් රැස්කර තිබුණා.

ජපානයට එරෙහි අද පැවැති තරගයේදී දිමන්ත මහවිතාන ලකුණු 115ක් රැස් කිරීමට සමත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *