දුනිත්ලා අවසන් පූර්ව වටයට

Traveen Mathew of Sri Lanka celebrates the wicket of Babar Hayat of Hong Kong,China with players during Match 7 of the DP World ACC Mens Asia Cup Rising Stars 2025 between Sri Lanka A and Hong Kong, China at West End Park International Cricket Stadium, Doha, Qatar, on November 17, 2025. Photo by: Arjun Singh / CREIMAS for Asian Cricket Council

නායක දුනිත් වෙල්ලාලගේ දැක් වූ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් කටාර්හි පැවැත්වෙන ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.

ඒ බංගාලදේශ ඒ කණ්ඩායම ලකුණු 6කින් පරාජය කරමින්.
කටාර්හි පැවැත්වෙන ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා A කණ්ඩායමට තීරණාමක වූ තරගයක් ඊයේ බංග්ලාදේශ A කණ්ඩායමට එරෙහිව පැවැත්වුණා.

තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ A කණ්ඩායම දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා A කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කිරීමට සමත්වුණා.

සහන් ආරච්චිගේ පන්දු 43කින් ලකුණු 69ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් වුණා.

නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 14කදී ලකුණු 23ක් රැස් කර ගත්තා.

පිළිතුරු ඉනිම ඇරඹූ බංග්ලාදේශ A කණ්ඩායම එක් අවස්ථාවක පන්දුවාර 13ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 106ක් ලබා ස්ථාවර තත්වයක පසුවුණා.

කෙසේ වෙතත් තරගය සුපිරි පන්දුයැවීමක නරත වෙමින් නායක දුනිත් වෙල්ලාලගේ කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රී ලංකා A කණ්ඩායමට ජය මාවත විවර කළා.

ඒ අනුව ලකුණු 160ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ A කණ්ඩායමට නියමිත පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 153ක් පමණයි.

අවසන් පන්දුවාරයේදී බංග්ලාදේශ A කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 17ක් අවශ්‍යව තිබූ අතර එම පන්දුවාරය ක්‍රියාත්මක කළ මිලාන් රත්නායක ලකුණු 11ක් පමණක් ලබාදී කඩුල්ලක් දවා ගනිමින් ශ්‍රී ලංකා A කණ්ඩායමට ජය විවර කළා.

ඒ අනුව මූලික වටයේදී බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය තරග දෙක බැගින් ජය ගත් අතර දළ ලකුණු වේගයට අනුව බංග්ලාදේශ A සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *