අවු­රුදු 15න් පහළ නැෂ­නල් යූත් ලීග් පළාත් තර­ගා­ව­ලිය ඇරඹෙයි

කුස­ලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ගේ දක්ෂතා ගවේ­ෂ­ණය කර ගැනීමේ අර­මු­ණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ සංවි­ධා­න­යෙන් සහ ප්‍රීමා ආය­ත­නයේ අනු­ග්‍ර­හ­යෙන් පැවැ­ත්වෙන අවු­රුදු 15න් පහළ නැෂ­නල් යූත් ලීග් පළාත් තර­ගා­ව­ලිය ඉකුත්දා කොළ­ඹදී ආරම්භ වුණා.

සමා­ර­ම්භක දින­යේදී පසු­ගිය වසරේ ශූර කොළඹ දකුණ කණ්ඩා­යම හා ගාල්ල අතර තර­ගය කොළඹ විශ්ව­වි­ද්‍යා­ලය පිටි­යේදී පැවැ­ත්වෙන අතර, කොළඹ උතුර හා දඹුල්ල අතර තර­ගය කොළඹ රාජ­කීය විදු­හල් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත.

කොළඹ උතුර, කොළඹ දකුණ, කැන්ඩි, ගාල්ල සහ දඹුල්ල යන පළාත් කණ්ඩා­යම් පහේ සහ­භා­ගි­ත්ව­යෙන් පැවැ­ත්වෙන මේ තර­ගා­ව­ලියේ අව­සන් මහ තර­ගය මේ මස 28 වැනිදා කොළඹ තර්ස්ටන් විදු­හල් ක්‍රීඩා පිටි­යේදී පැවැ­ත්වෙනු ඇත.

මූලික තරග වටය සිට සෑම කණ්ඩා­ය­මක්ම තරග 4කට ක්‍රීඩා කළ යුතුව ඇති අතර, ඉදි­රි­යෙන්ම සිටින කණ්ඩා­යම් හතර අතරේ අව­සන් පූර්ව තරග දෙකක් පවත්වා එයින් ජය ගන්නා කණ්ඩා­යම් දෙක අව­සන් මහ තර­ග­යට සුදු­සු­කම් ලබනු ඇත.

පසු­ගිය වසරේ අව­සන් මහා තර­ග­යේදී මහ­නු­වර කණ්ඩා­ය­මට එරෙ­හිව ලකුණු 149ක ජයක් ලබා­ගත් කොළඹ දකුණු කණ්ඩා­යම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රීමා අවු­රුදු 15න් පහළ නැෂ­නල් යූත් ලීග් පළාත් ශූර­තාව දිනා ගත්තේය.

තර­ගා­ව­ලියේ වීරයා ලෙස කොළඹ දකුණ කණ්ඩා­යමේ දුෂාන් උඩු­වෙල සම්මාන ලැබූ අතර, හොඳම පන්දු යවන්නා යුමාල් එගො­ඩගේ (දඹුල්ල) හා හොඳම පිති­කරු රෙෂාන් සොල­මන්ස් (කොළඹ දකුණ) සම්මාන දිනා ගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *