ශ්‍රි ලංකා 20-20 කණ්ඩායමේ උප නායකයා ලෙස හිටපු නායක දසුන් ශානක පත්කර ඇතැයි වාර්තා වනවා.
පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත තුන්කොන් 20-20 තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ උප නායකයා ලෙස දසුන් පත්කර ඇති බව සඳහන්.
චරිත් අසලංක සුපුරුදු පරිදි නායකත්වය දරනවා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව තේරීම් කමිටුවක් පත් කිරීම සදහා සුදුසු නම් යෝජනා කර එවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා සාමාජික ක්‍රීඩා සංගම් වෙත දන්වා තිබෙනවා.
අදාළ නම් නොවැම්බර් මස 5 වැනිදාට පෙර යොමු කරන ලෙස දන්වා ඇති අතර 2023 වසරේදී දෙවසරක කාලයක් සඳහා පත් වූ උපුල් තරංග ප්‍රමුඛ තේරීම් කමිටුවේ ධුර කාලය මෙම වසරෙ දෙසැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතයි.
