අපේ පොඩි කෙල්ලන් දෙවන ජය ලබමින් කැන්ගරුවන් පරදවයි

සංචාරක ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්‍තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද දිනයේදී පැවැත්වුණා.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරගයෙන් ලකුණු 29ක ජයග්‍රහණයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යෞවනයන් පන්දුවාර විස්ස තුළ කඩුලු 9ක් දැවී ලකුණු 138ක් රැස්කළා. එහිදී ආරම්භක පිතිකාරිණිය සංජනා කාවින්දි පන්දු 19කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 24ක් රැස්කළා.
රශ්මි නේත්‍රාංජලී පන්දු 17කින් ලකුණු 24ක් රැස්කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියාව වෙනුවන් අවා ඩෲරි ලකුණු 24ට කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.
ඉල්ලකය හඹායාමට පිටියට පිවිසෙන කැංගරු යෞවනියන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවුණෙ ලකුණු 109ක් පමණයි.
ඉනීමේ වැඩිම ලකුණු ලාභිනිය වූ නායිකා සමාරා ඩුල්වින් පන්දු 22කින් ලකුණු 22ක් රැස්කිරීමට සමත් වුණා. පන්දුවෙන් දස්කම් පෑ අසේනි තලාගුනේ ලකුණු 15ට කඩුලු 2ක් සහ ශෂිණි ගිම්හානි ලකුණු 17කට කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා.
ඒ අනුව තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2-0ක් ලෙසින් පෙරමුණ හිමිකරගැනීමට ශ්‍රී ලංකා යෞවනයන් සමත්ව සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *