අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දීනා ගැනීමට CCC කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ අවසන් මහා තරගයේදී පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 187කින් පරාජය කරමින්.
කොළඹ CCC ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ CCC නායක සොනාල් දිනුෂ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව CCC කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලබාගත් ලකුණු ගණන 387 ක්.
සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ පවන් රත්නායක නොදැවී ලකුණු 158ක් ලබා ගනිමින් CCC කණ්ඩායම ඉදිරියේ දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් සටහන් කිරීමට සමත්වුණා.
මීට අමතරව නිෂාන් මදුෂ්ක ලකුණු 88ක් ලබාගත් අතර නායක සොනාල් දිනුෂ රැස්කළ ලකුණු සංඛ්‍යාව 58ක්.
පන්දු යැවීමේදී චාරුක ප්‍රමොද් සහ චාරුක ජයතිලක අතරේ කඩුලු 2ක බැගින් බෙදීගියා.
ලකුණු 388ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් හඹාගිය පොලිස් ක්‍රීඩා සමාජයට පන්දුවාර 40යි පන්දු 3ක් අවසානයේ සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 200ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ප්‍රියමාල් පෙරේරා ලකුණු 57යි.
පන්දු යැවීමේදී ඉනුක කරන්නාගොඩ කඩුලු 3ක් සහ චමිදු විජේසිංහ කඩුලු 2ක් දවාගත්තා.
මේ අතර මෑත කාලයේ අඛණ්ඩව දක්ෂතා අතර සිටින පවන් රත්නායකට තවමත් ජාතික කණ්ඩායමේ අවස්ථාවක් හිමි නොවීම පිළිබඳ බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇති අතර ඒ පිළිබඳ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සිය ෆේස්බුක් ගිනුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.
– මේ පවන් රත්නායකගේ කාලයයි. ඔහු ලකුණු පිපාසාවෙන් ස්ථාවරව විනෝදයට මෙන් ලකුණු රැස් කිරීම අපූරුයි. ජාතික කණ්ඩායමේ ඔබේ ස්ථානය දුර නැහැ ඔබේ ස්ථානය දුර නැහැ ඔබේ හැකියාවන් ඉදිරියට ගෙන යන්න – යනුවෙන් දිමුත් එලෙස සටහනක් තබා තිබුණා.
———
