සංචාරක බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර හයවන එක්දින තරගය අද දිනයේදී පැවැත්වුණා.
කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් එකක් බවට පත් වුණා. ඒ තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීම වෙනුවෙන්.
තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ යොවුන් පිළ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. නමුත් තරගය පන්දුවාර 39 එක් පන්දුවකට සීමා වුණේ වර්ෂාව හර්ස් වීම හේතුවෙන්.
බංග්ලාදේශය එම පන්දුවාර 39 එක් පන්දුවක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 188ක් රැස්කිරීමට සමත් වුණා. එහිදී නායක අසිසුල් හකීම් ලකුණු 94ක් රැස්කළා.
මෙම තරගය ප්‍රතිඵලයකින් තොරව අවසන් වද්දී තරග 6කින් යුතු එක්දින තරගාවලිය තරග 3-2ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ යොවුන් පිළ සමත් වුණා.
හොදම පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ විග්නේෂ්වරම් ආකාෂ් සම්මාන ලැබු අතර.හොදම පිතිකරැවා ලෙස බංගලාදේශ කන්ඩායමෙි සවාඩ් අබ්රාද් සම්මාන ලැබුව.
හොදම තුන්ඉරියවු ක්‍රිඩකයා ලෙස සම්මාන ලැබුවෙි අසී සුල් හකීම්ය.
