රුමේෂ්ගේ හෙල්ලය ලොව අංක එක වෙයි

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මෙම වසරේ මේ දක්වා ලොව වාර්තා කළ හොඳ දක්ෂතාව දැක්වීමට රුමේෂ් තරංග සමත්වුණා.

ඒ ඔස්ට්‍රේලියාවේ පර්ත් ට්‍රැක් ක්ලැසික් මලල ක්‍රීඩා තරගාවලියේදීයි.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පර්ත් ට්‍රැක් ක්ලැසික් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග එක් වුණා.

එහිදී මීටර 85යි දශම 4යි1ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කිරීමට රුමේෂ් සමත්වුණා.

එම දක්ෂතාව හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මෙම වසරේ මේ දක්වා ලොව වාර්තා කළ හොඳ දක්ෂතාවයි. 

ඒ අනුව මේ වසරේ එතෙක් වැඩිම දුර වාර්තා කර තිබූ ඉන්දියාවේ සචින් යාදව්ගේ මීටර 84.39 ක් විසිකිරීම දෙවැනි තැනට පත්වුණා.

රුමේෂ් තරංගට ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ඍජුව සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍යය පරිසාදන මට්ටම මෙහිදී අහිමි වුණේ සෙන්ටි මීටර 9කින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *