වයස අවුරුදු 19න් පහළ කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් අද පරාජයට පත්වුණා.
ඒ ලකුණු 60කින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 118ක් රැස් කිරීමට සමත්වුණා.
ගොන්ගධි ට්‍රීෂා ලකුණු 49ක් රැස් කළ අතර පන්දුයැවීමේදී ප්‍රමුදි මෙත්සරා, ලිමන්සා තිලකරත්න සහ අසෙනි තලගුනේ කඩුලු 2 බැගින් දවා ගත්තා.
ලකුණු 119ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් ඔවුන්ට නියමිත පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 58ක් පමණයි.
රශ්මිකා සෙව්වන්දි පමණක් ලකුණු 15ක් රැස් කළ අතර සෙසු පිතිකරුවන් සියලුදෙනා රැස් කළේ ලකුණු 10ට අඩුවෙන්.
ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 60ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය යොවුන් කාන්තා පිල සමත්වුණා.
කෙසේ වෙතත් මූලික වටයේ තරග 3න් තරග 2ක් ජය ගත් ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල මේ වන විට සුපිරි හයදෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටිනවා.
