LANKA T10 තරගාවලියට එක්වන කණ්ඩායම් 6 මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

දෙස් විදෙස් සුපිරි ක්‍රිකට් තරු රැසක් ඒක්වන තරගාවලිය දෙසැම්බර් මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා කණ්ඩායම් හයකගේ සහභාගිත්වයෙන් පැවැත්විමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවීධාන කරන ලංකා ටී ටෙන් ක්‍රිකට් තරගාවලිය දෙස් විදෙස් සුපිරි ක්‍රිකට් තරු රැසකගේ සහභාගිත්වයෙන් ලබන දෙසැම්බර් මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීම නියමිතව තිබෙනවා.

ඊට කණ්ඩායම් 6ක් එක්වන අතර එම කණ්ඩායම් හයේ නාමයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ අනුව කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාවල්ස්, ජැෆ්නා ටයිටන්ස්, කැන්ඩි බෝල්ට්ස්, හම්බන්තොට බන්ග්ලා ටයිගර්ස් සහ නෙගම්බු බ්‍රේව්ස් යන කණ්ඩායම් 6 මෙවර තරගාවලියට සභාගිවීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

සෑම කණ්ඩායමකටම සිය සංචිතය සඳහා උපරිම වශ‍යෙන් ක්‍රීඩකයින් 17 දෙනෙකු හා අවම වශයෙන් ක්‍රීඩකයින් 15 ‍දෙ‍ෙනකු තෝරාගත හැකි වනවා.

තරගාවලිය ‍වෙනුවෙන් ක්‍රීඩකයින්ට නොවැම්බර් මස පළමුවැනිදා සිට ලියාපදිංචි විය හැකියි.

නොවැම්බර් 5 වැනිදා වන විට සියලු කණ්ඩායම් විසින් ක්‍රීඩකයින් 6 දෙනෙකු සමග ඍජුව ගිවිසුම් ගත වීමද සිදුවිය යුතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *