ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය මඟින් වසර 20ක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.
ඒ අනුව එම කාලය තුළදී දුලිප් සමරවීරට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තුළ කිසිඳු ආකාරයේ තනතුරක් දැරීමට හැකියාව ලැබෙන්නේ නැහැ.
ඒ ක්‍රිකට් වික්ටෝරියා ආයතනයේ සේවය කරන කාලය අතරතුරදී සමරවීර නුසුදුසු හැසිරීමක් පෙන්නුම් කරමින් ක්‍රිකට් වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් සංගමයේ චර්යා ධර්ම සංග්‍රාහය උල්ලංඝනය කිරීම නිසයි.
52 හැවිරිදි වියේ පසුවන දුලිප් සමරවීර 1993 වසරේ සිට 1995 වසර දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළා.
ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 7ක් එක්දින තරග 5ක් ක්‍රීඩා කර තිබෙනවා.
මේ චෝදනාව දුලිප්ට එල්ලවන කාලය තුළදි ඔහු වික්ටෝරියා ප්‍රාන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කළා.
