එංගලන්ත ඉනිම ලකුණු 156කට සිමා වෙයි

එක්දින ලෝක කුසලාන තරගාවලියේ බැංග්ලෝර්හිදි දැන් පැවැත්වෙන තරගයේ එංගලන්ත ඉනිම ලකුණු 156කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත පිලට මෙහිදී පන්දුවාර 33.2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 156ක් පමණයි.

සිය අවසන් ලෝක කුසලානයට ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් කැදවීමට සාධාරණයක් ඉටුකරමින් එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල දවා ගත්තේ එංගලන්ත පිලට පීඩනයක්ක ගෙන දෙමින්.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බෙන් ස්ටෝක්ස් ලකුණු 43ක් රැස් කළා.

එංගලන්ත පිතිකරණ බලඇණිය සුනු විසුණු කළ ලහිරු කුමාර කඩුලු දෙකක්, කසුන් රාජිත සහ ඇන්ජලෝ මැතිව් කඩුලු 2ක බැගින් දවා ගත් අතර මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් දවා ගත්තා.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීම මෙන්ම පන්දු රැකීමද විශිෂ්ට මට්ටමක පැවතියා.

එංගලන්තය – 156 සියලු දෙනා දැවී (33.3)
බෙන් ස්ටෝක්ස් 43, ජොනී බෙයාර්ස්ටොව් 30, ලහිරු කුමාර 3/35, කසුන් රාජිත 2/36, ඇන්ජලෝ මැතිව්ස් 2/14, මහීෂෟ තීක්ෂණ 1/21

Leave a Reply

Your email address will not be published. Required fields are marked *