
එක්දින ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත පිලට එරෙහිව බැංග්ලෝර් හිදි දැන් පැවැත්වෙන තරගයේ තමන් ක්‍රියාත්මක පළමු පන්දුවාරයේදීම කඩුල්ලක් දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්වුණා.
එංගලන්ත ඉනිමේ 7වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ මැතිව්ස් එම පන්දුවාරයේ තුන්වන පන්දුවාරයේදී ඩාවිඩ් මලාන් දවා ගත්තේ ශ්‍රී ලංකා පිලට හිසරදයක්ව සිටි එංගලන්ත ආරම්භක පිතිකරුවන්ගේ සබදතාව ලකුණු 45කට සීමා කරමින්. ඒ අනුව ඩාවිඩ් මලාන් ලකුණු 28කට පිටියෙන් ඉවත් කිරීමට මැතිව්ස් සමත්වුණා.
දෙවන කඩුල්ල ලෙස එංගලන්ත පිලේ ප්‍රබල පිතිකරුවෙකු වූ ජෝ රූට් දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට මැතිව්ස්ගේ සුපිරි පන්දු රැකීම හමුවේ ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබුණා. අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඉන්දියාවට පැමිණී මැතිව්ස් පසුව ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කළේ ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කළ මතීෂ පතිරණ වෙනුවට.
තමන් සහභාගි වන අවසන් ලෝක කුසලාන තරගාවලියේදීම මැතිව්ස් මෙලෙස දස්කම් දැක්වීම කැපී පෙනන කරුණක්.
