ගාල්ල කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබයි

Galle Marverls vs Jaffna Kings | Match 21 | Qualifier 1 | LPL 2024 | 18th July 2024

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම අද සමත් වුණා.

ඒ අවසන් තරග වටයේ පළමු තරගයේදී තුන්වරක් LPL ශූරයන් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය පැවැත්වුණේ ජැෆ්නා කිංග්ස් සහ ගෝල් මාවර්ල්ස් කණ්ඩායම අතරයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 177ක් රැස් කිරීමට සමත්වුණා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 52ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් රැස් කළා.

පන්දුයැවීමේදී ඩවේයින් ප්‍රිටෝරියස් ලකුණු 23කට කඩුලු 4ක් සහ ඉසුරු උදාන ලකුණු 37කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුනු 178ක ජයග්‍රාහී ඉලක්කයා හඹා ගිය ගෝල් මාර්වල්ස් කණ්ඩායම පන්දුවා 18යි පන්දුවක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහි සීමාව පසුකර යාමට සමත්වුණා.

ගාල්ල කණ්ඩායම ජය මාවත විවර කර දුන් ටිම් සයිෆර්ට් නොදැවී ලකුණු 62ක් සහ ජනිත් ලියනගේ පන්දු 36කදී ලකුණු 56ක් රැස් කළා.

ඒ අනුව මෙම තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කළ ගෝල් මාවල්ස් කණ්ඩායම මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *