පැරාලිම්පික් පදක්කම්ලාභි දිනේෂ් ප්‍රියන්තට ගෞරවාන්විත සමුගැනීමක් ලබාදී ඔහුව පුහුණුකරුවෙක් ලෙස බඳවා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති දීපාල් හේරත් මහතා පවසනවා.
ඔහු මේබව සඳහන් කළේ ජපානයේ පැවති ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවී නැවත දිවයිනට පැමිණි අවස්ථාවේදි මාධ්‍යෙව්දීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
ජපානයේ පැවති ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි F46 ඛාණ්ඩයේ හෙල්ලය විසිකිරීම ඉසව්වට සහභාගිවූ දිනේෂ් ප්‍රියන්ත එම ඉසව්වෙන් රිදී පදක්කම හිමිකරගැනීමට සමත්වුණා
නමුත් ඉන්දීය ක්‍රීඩකයෙක් විසින් දිනේෂ් ප්‍රියන්තගේ ආබාධ තත්වය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කළා.
කෙසේ නමුත් අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් පැවති පරීක්ෂණයෙන් අනතුරුව දිනේෂ් ප්‍රියන්තට හිමිවූ පදක්කම අහෝසි කිරීමට සංවිධායකයන් කටයුතු කළා.
ඒ අනුව එම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ඉන්දීය ක්‍රීඩකයන්ට පිරිනැමීමට ද තීරණය කර තිබුණා.
