මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.
ඒ අවසන් තරග වටයේ තුන්වැනි තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 36කින් පරාජය කරමින්.
මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් තරගයට සුදුසුස්න් තෝරන දෙවන තරගය සන්රිසස් හයිද්‍රාබාද් සහ රාජස්තාන් රෝයස්ල් කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණේ චෙන්නායි හිදියි.
තරගයේ කාසියේ වාසිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුරැකීමට තීරණය කළා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී ලකුණු 175ක් රැස් කිරීමට සමත්වුණා.
හෙන්රික් ක්ලාසන් පන්දු 34කදි ලකුණු 50ක් රැස් කළ අතර රාහුල් ට්‍රිපාති ලකුණු 37ක් සහ ට්‍රැවිස් හෙඩ් ලකුණු 34ක් රැස් කරමින් හයිද්‍රාබාද් ඉනිම සවිමත් කළා.
ලකුණු 176ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ මුල් කඩුලු 6 ලකුණු 92ක් තුළ දවා ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්වුණා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායමට නියමිත පන්දුවාර 20දි කඩුලු 7ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 139ක් පමණයි.
දෘව් ජුරෙල් නොදැවී ලකුණු 56ක් රැස් කළ අතර පන්දුයැවීමේදී ශබාස් අහමඩ් සහ අභිෂේක් ෂර්මා කඩුලු තුන බැගින් දවා ගත්තා.
ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 36ක ජයක් වාර්තා කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.
IPL අවසන් මහ තරගය කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර චෙන්නායි හිදි හෙට පැවැත්වීමට නියමිතයි.
