මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉකුත්දා නිවේදනය කළා.
ශ්‍රී ලංකාවද පුහුණු තරග දෙකකට සහභාගි වීමට නියමිතයි.
අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි සත්කාරකත්වයෙන් ලබන ජුනි මස පළමුවැනිදා ආරම්භවන 20-20 ලෝක කුසලාන තරගාවලියේ පුහුණූ තරග මැයි මස 27 වැනිදා සිට ජුනි පළමුවැනිදා දක්වා අමෙරිකාවේදී සහ කොදෙව් දූපත් හිදි පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පුහුණු තරග 16ක් ඊට ඇතුළත්.
තරගාවලියට ක්‍රීඩා කරන රටවල් 20න් රටවල් 17ක් පමණක් පුහුණු තරග සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පුහුණු තරග සඳහා ක්‍රීඩා නොකරන්නේ නවසීලන්තය, එංගලන්තය සහ පාකිස්තානය පමණයි.
මෙම පුහුණු තරග සඳහා ජාත්‍යන්තර 20-20 තරග තත්වයක් හිමි නොවන අතර සෑම සංචිතයකම සිටින ක්‍රීඩකයින් 15 දෙනාටම තරගයක් සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වනවා.
පුහුණු තරග යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරග දෙක නෙදර්ලන්තයට සහ අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙනවා.
ඒ අනුව නෙදර්ලනත්යට එරෙහි තරගය මැයි 28 වැනිදාත්, අයර්ලන්තයට එරෙහි තරගය මැයි 31 වැනිදාත් ෆ්ලෝරිඩා හිදි පැවැත්වීමට නියමිතයි.
පුහුණු තරග යටතේ ඉන්දියාව එක් පුහුණු තරගයක් ක්‍රීඩා කිරිමට නියමිත අතර එය ජූනි මස පළමුවැනිදා බංග්ලාදේශයට එරෙහිව අමෙරිකාවේදී පැවැත්වෙනවා.
