සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට ආසියානු රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න අද සමත් වුණා. ඒ වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර 400 ධාවන ඉසව්වෙන්.
වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය නියෝජනය කරන තරුෂි කරුණාරත්න එහි වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර 400 ධාවන ඉසව්ව ජය ගත්තේ තත්පර 53යි දශම 2යි 1ක කාලයක් වාර්තා කරමින්.
තරුෂි අද වාර්තාකළ කාලය එම ඉසව්වේ නව තරගාවලි වාර්තාවක්ද වනවා.
එම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගත්තේ ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ජයේෂි උත්තරා විසින්.තුන්වැනි ස්ථානය බදුල්ල විශාඛා බාලිකා විද්‍යාලයේ හිමාංජනා දෙව්මිනී හිමිකර ගත්තා.
