මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට

තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් එක්දින ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා ප්‍රධාන සංචිතයට ඇතුළත් කිරීමට නියමිත බව වාර්තා වනවා.මැතිව්ස් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට එක්වන්නේ අබාධයක් හේතුවෙන් ලෝක කුසලානය අහිමිවූ යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවටයි.

ඒ අනුව එළඹෙන 26 වැනිදා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයට මැතිව්ස් ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.එම තරගයේදී වේගපන්දු යවන තුන්ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.

එංගලන්තයට එරෙහි තරගයේදී මැතිව්ස් අංක 6 පිතිකරු ලෙස පන්දුවට පහරදීමට නියමිත බවත් මැතිව්ස්ට එහිදී පන්දුවාර කීපයක් යැවීමට පැවරෙනු ඇති බවත් වාර්තා වනවා.

මැතිව්ස් කණ්ඩායනට එක්වීමත් සමග චාමික කරුණාරත්නට කණ්ඩායමේ ස්ථානය අහිමිවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *