ජොස් බට්ලර්ගේ සුපිරි ශතකය හමුවේ මෙවර අයි පී එල් තරගාවලියේ අඛණ්ඩව සිව්වන ජය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ රෝයල් චැලේන්ජර්ස් බෙංගලුරු කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමින්.
ජායිපූර් හිදි පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බෙංගලුරු කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 3ක් දැවී ලකුණු 183ක් රැස් කිරීමට සමත්වුණා.
විරාත් කෝලි මෙවර තරගාවලියේ පළමු ශතකය වාර්තා කරමින් පන්දු 72කදී නොදැවී ලකුණු 113ක් රැස් කළ අතර එය ඔහු අයි පී එල් පිටියේදී වාර්තා කළ 8 වැනි ශතකයයි.
ලකුණු 184ක ඉලක්කයක් හඹා ගියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවි ජයග්‍රාහී සීමාව පසුකර ගියා.
ජොස් බට්ලර් සහ නායක සංජු සැම්සන් දෙවන කඩුල්ලට ලකුණු 148ක සබඳතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමට ජය මාවත විවර කළා.
ජොස්බට්ලර් සිය ශතකය ලබමින් රාජස්ථාන් කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් කළේ හයේ පහරකින්.
