කොදෙව් ක්‍රිකට් ගොඩගන්න ශ්‍රී ලාංකිකයෙකු කැඳවයි

හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රමේෂ් සුබසිංහ බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා ගෙන තිබෙනවා. 

ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව ඔහු ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළ අතර, මේ වන විට ICC ගෝලීය තුන් වෙනි මට්ටමේ පුහුණුකරුවකු ලෙස ද ඔහු සිය සුදුසුකම් සම්පූර්ණ කර ගෙන තිබෙනවා. 

මීට පෙර ඔහු විසින් නවසීලන්ත ක්‍රිකට් සංවර්ධන (පිරිමි) වැඩසටහනේ ප්‍රධාන පුහුණුකරු ලෙස සහ Otago ක්‍රිකට් සම්මේලන ප්‍රධාන පුහුණුකරු සහ කුසලතා සංවර්ධන කළමනාකරු ලෙස ද සේවය කර තිබෙනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *