ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග හෙට ආරම්භවීමට නියමිත එක්දින තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය අද නම් කළා.
ඊට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.
තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වන අතර ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට සහ උප නායකත්වය චරිත් අසලංකට හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානකට ඇෆ්ගනිස්තාන තරගාවලියේදී එක්දින සංචිතයේ සිය ස්ථානය අහිමිව තිබෙනවා.
දසුන් වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත්තේ චාමික කරුණාරත්නයි.
ආබාධයකට ලක්වීම නිසා සිම්බාබ්වේ සමඟ පැවති එක්දින තරගාවලියට සහභාගි නොවූ වනිඳු හසරංග ශ්‍රී ලංකා සංචිතයට නම්කර ඇති අතර ඒ අනුව ජෙෆ්රි වැන්ඩසේට සංචිතයේ ස්ථානය අහිමිවී තිබෙනවා.
ඒ අනුව 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මෙසේයි.
නායක කුසල් මෙන්ඩිස් ,චරිත් අසලංක ,පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුෂංක, ප්‍රමෝද් මධුෂාන් , සහන් ආරච්චිගේ, අකිල ධනංජය, දුනිත් වෙල්ලාලගේ,
චාමික කරුණාරත්න සහ ෂෙවොන් ඩැනියල්.
මේ අතර එක්දින තරගාවලියේ කුසලානය එළිදැක්වීමද අද පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා.
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පළමු එක්දින තරගය හෙට පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

