ICC මහා සභා රැස්වීමේ සත්කාරකත්වය යළි ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා සමුළුව ශ්‍රී ලංකාවේදි පැවැත්වීමට එම කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම සමුළුව ජුලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

ඉකුත් වසරේ නොවැම්බර් මස 10 වැනිදා ජාතන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලාංකාවට ක්‍රිකට් තහනමක් පැන වූ අතර මේ හේතුවෙන් මෙරටදී පැවැත්වීමට නියමිත තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වයද ශ්‍රී ලංකාවට අහිමි වුණා.

එවන් පසුබිමක නව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් වූ හරීන් ප්‍රනාන්දු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉකුත් ජනවාරි 28 වැනිදා ශ්‍රී ලංකාව පැන වූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්ලය පියවර ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාවට අහිමි වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා සමුළුවද මෙම වසරේ ජුලි 19 වැනිදා සිට ජුලි 22 වැනිදා දක්වා පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍යංශය පැවසුවේ.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම සංචාක ව්‍යාපාරයටද විශාල රුකුළක් වනු ඇති බවද ක්‍රීඩා අමාත්‍යය පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *