ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ගැටුම ඇෆ්ගන් සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එකම ටෙස්ට් තරගයට එක්වන ඇෆ්ගනිස්ථාන ටෙස්ට් සංචිතය අද නම් කළා.

ඊට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

ටෙස්ට් තරගයකට, එක්දින තරග 3කට සහ 20-20 තරග 3කට සහභාගිවීම සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දිවයිනට පැමිණියට නියමිතව තිබෙනවා.

දෙරට පැවැත්වෙන එකම ටෙස්ට් තරගය පෙබරවාරි මස 2 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර ඊට එක්වන ඇෆ්ගනිස්ථාන ටෙස්ට් සංචිතය ඊයේ නම් කළා.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකයා ලෙස කටයුතු කරන්නේ හස්මතුල්ලා ෂයිදි.

රමට් ෂා, මොහොමඩ් ඊබ්‍රාහිම්, නිජාත් මසූද් සහ නසීර් ජමාල් යන ක්‍රීඩකයින් ඇෆ්ගනිස්ථාන ටෙස්ට් සංචිතයට ඇතුළත්.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර මෙලෙස ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ ඉතිහාසයේ පළමු වරටයි.

2018 වසරේදී ටෙස්ට් වරම් හිමිකර ගත් ඇෆ්ගනිස්ථානය මේවන විට ඉන්දියාව, අයර්ලන්තය, බංග්ලාදේශය , සිම්බාබවේ සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් සමග ටෙස්ට් තරග ක්‍රීඩා කර තිබෙනවා.

මේ දක්වා ටෙස්ට් තරග 7කට ක්‍රීඩා කර ඇති ඇෆ්ගනිස්තානය ඉන් තරග 3ක් ජය ගෙන ඇති අතර තරග 4ක් පරාජයට පත්වී තිබෙනවා.

ඔවුන් අයර්ලන්තය සහ බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරග ජය වාර්තා කර තිබීමද කැපී පෙනෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *