ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්ෂිකව සංවිධාන කරන ක්‍රිකට් සම්මාන උලෙළේ 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් අයි.සී.සී සම්මානයක් දිනා ගත් පළමු අවස්ථාවද මෙයයි.
2023 වසරේ කාන්තා එක්දින ක්‍රිකට් පිටියේ දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින් චමරි අතපත්තු ඇතුළු ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු වසරේ එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා නිර්දේශ කෙරුණා.
ඒ අනුව ගත වූ වසරේදී චමරි තුන් ඉරියව්වෙන් සහ නායිකාවක් ලෙස දැක් වූ දක්ෂතා පදනම් කරගනිමින් 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද නම් කළා.
ගෙවුණු වසරේ දී නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව තරග 2-1ක් ලෙස ශ්‍රී ලංකා කාන්තා පිල ඓතිහාසික ජයක් වාර්තා කළ අතාර ඊට ඊට චමරිගේ නායකත්වය සහ පිතිකරණය මනා පිටිවහලක් වුණා.
එම තරගාවලියේ තීරණාත්මක තෙවන සහ අවසන් එක්දින තරගය ජයග්‍රහණය කරා කැඳවා ගෙන ගිය චමරි පන්දු 80කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 140ක්.
2023 වසරේ දී එක්දින ජාත්‍යන්තර තරග 8ක් පමණක් ක්‍රීඩා කළ චමරි, එහි දී 69.16ක් වැනි ඉහළ පිතිකරණ සාමාන්‍යයක් ද සහිතව ලකුණු 415ක් ලබා ගැනීමට සමත්වුණේ ශතක දෙකක් සහ අර්ධ ශතකයක් සමගින්.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2023 වසරේ 20-20 කාන්තා පිලේ සහ කාන්තා එක්දින කණ්ඩායමේ නායිකාව ලෙසද චමරි අතපත්තු නම් කළ අතර ඇය 2023 වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව සහ දක්ෂතම 20-20 ක්‍රීඩිකාවට හිමි සම්මාන ද්විත්වයටද නිර්දේශ වී සිටියා.

