වසරේ 20-20 ක්‍රීඩකයා SKY, නැගී එන ක්‍රීඩකයා රචීන්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්ෂිකව සංවිධාන කරන ක්‍රිකට් සම්මාන උලෙළේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ගේ නම් අද නිවේදනය කළා.

ICC වාර්ෂික සම්මාන උලෙළේ වසරේ 20 -20 ක්‍රීඩකයා , ක්‍රීඩිකාව වසරේ නැගී එන ක්‍රීඩකයා ක්‍රීඩිකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ඊයේ නිවේදනය කරනු ලැබුවා.

මෙම වසරේදී විස්සයි විස්ස ක්‍රීඩකයාගේ සම්මානය වෙනුවෙන් සිම්බාබ්වේ සිකන්දර් රාසා, උගන්ඩාවේ අල්පෙෂ් රම්ජානි,නවසීලන්තයේ මාර්ක් චැප්මන් සහ ඉන්දියාවේ සූර්ය කුමාර් යාදව් නිර්දේශ වි සිටියා.

ඒ අතරින් එම සම්මානයට නම් කෙරුණේ සූර්යකුමාර් යාදෙව්.

2023 වසරේදී විස්සයි විස්ස තරග 17කට ක්‍රීඩා කරමින් සූර්ය කුමාර් යාදව් ලකුණු733ක් රැස්කර ඇති අතර ඊට අර්ධ ශතක 5ක් සහ ශතක දෙකක් ඇතුළත්.

සූර්ය කුමාර් යාදව් මෙම සම්මානය වෙනුවෙන් නම්කෙරුණූ දෙවැනි අවස්ථාව මෙයයි.

මේ අතර වසරේ නැගී එන ක්‍රීඩකයාගේ සම්මානය වෙනුවෙන් නවසීලන්තයේ රචීන් රවින්ද්‍ර, දකුණු අප්‍රිකාවේ ජෙරල්ඩ් කොට්සිය සහ ඉන්දියාවේ යශස්වි ජයිස්වාල්, ශ්‍රී ලංකාවේ ඩිල්ෂාන් මධුෂංකගේ නම් යෝජනා වී තිබුණා.

ඉන් වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස නම්කර ඇත්තේ නවසීලන්තයේ රචීන් රවින්ද්‍ර.

රචින් රවීන්ද්‍ර පසුගිය වසරේදී එක්දින තරග 25ක් ක්‍රීඩා කරමින් ලකුණු 820ක් රැසකර ඇති අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 18ක්.

මෙම සම්මාන උලළේ වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ,එක්දින ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව නම් කිරීමට ඉතිරිව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *