නේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක Sandeep Lamichhane හට එරට අධිකරණයක් විසින් වසර 8ක සිරදඬුවම් නියම කර තිබෙනවා.
18 හැවිරිදි වියේ පසුවූ තරුණියක් දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවිය.
නඩු විභාගයෙන් අනතුරුව කත්මන්ඩු අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.
එහිදී අධිකරණය වැඩිදුරටත් Sandeep Lamichhane හට නියෝග කර ඇත්තේ අදාළ තරුණියට නේපාල මුදලින් රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙසටයි.
එසේම ඔහුට රුපියල් ලක්ෂ 3ක දඩයක් ද පනවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
2022 වර්ෂයේ අගෝස්තු මාසයේදී අදාළ තරුණිය දූෂණය කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවූ අතර ඒ වනවිට කොදෙව් දේශයේ ලීග් ක්‍රීකට තරගාවලියට එක්ව යළි නේපාලය බලා පැමිණි අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගත්තා.
පසුව ඔහුට ඇප හිමිවූ අතර ඇප මත සිටින අතරතුර නැවතත් ඔහු එරට ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළා.
