ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති උල්ලංඝනය කළ බව පවසා ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සිය ව්‍යාපාරික හවුල්කරුවන් දෙදෙනෙකුට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කර තිබෙනවා.
රුපියල් කෝටි 15කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 58.17) අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් දෝනි හවුල්කරුවන් දෙදෙනාට එරෙහිව මේ නඩුව ගොනු කර තිබෙනවා.
ආර්කා ස්පෝර්ට්ස්’ නම් ක්‍රීඩා කළමනාකරණ සමාගමක අධ්‍යක්ෂවරුන් ලෙස පෙනී සිටි මිහිර් දිවාකර් සහ සෞම්‍ය විශ්වස් යන අය දෝනි කලක සිට හඳුනන දෙදෙනකු වන අතර, ඔවුන්ට එරෙහිව රංචිහි අධිකරණයක මේ නඩුව පවරා තිබෙනවා.
වසර 2017දී විත්තිකරුවන් දෙදෙනා දෝනිගේ නමින් ඉන්දියාවේ සහ ඉන් පිටතදී ක්‍රිකට් ඇකඩමි පිහිටුවීමට ගිවිසුම්ගත වූ අතර, ලාභය දෝනි සහ හවුල්කරුවන් අතර සියයට 70ත් සියයට 30ත් යන පදනම මත බෙදා ගත යුතු බවට ගිවිසුමේ සඳහන්ව තිබුණා.
කෙසේ වෙතත් පසුව, විත්තිකරු දෝනිට නොදන්වා ඇකඩමි පිහිටුවීමට පටන් ගත් අතර ඔහුට කිසිදු ගෙවීමක් නොකළ බව දෝනිගේ නීතිඥයා අධිකරණය හමුවේ පවසා තිබෙනවා.
දෝනිට නොදන්වා විත්තිකරුවන් දෙදෙනා ස්ථාන දහයක පමණ ඇකඩමි පිහිටුවීම දිගටම කරගෙන ගිය හෙයින් ගිවිසුමේ ප්‍රමිතීන් උල්ලංඝනය වී ඇති බවත්, ඒ පිළිබඳව දෙවරක්ම නොතීසි මඟින් විත්තිකරුවන්ට නීතිමය දැනුම්දීම් ලබා දුන් බවත් සඳහන් කර තිබෙනවා.
දෝනිගේ නමින් ඇකඩමි සහ ක්‍රීඩා සංකීර්ණ ඉදි කිරීමේදී දෝනිට කිසිම ආකාරයක මුදලක් හෝ තොරතුරක් ලබා නොදී ගිවිසුමේ කොන්දේසි කඩකිරීම නිසා දෝනිට කෝටි 15ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 58.17) පමණ පාඩුවක් සිදු වී ඇති බවට අධිකරණය හමුවේ පවසා තිබෙනවා.
