ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ICC තීරණය 21 වැනිදා ?

එළැඹෙන ඉරිදා (19) පැවැත්වීමට නියමිත 2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගයෙන් දින දෙකකට පසු එනම් 21 වැනිදා අයිසීසී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

අහමදාබාද්හී පැවැත්වීමට නියමිත රැස්වීමේ දී සාකච්ඡා කිරීමට නියමිත කරුණු පිළිබඳ ව ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම, එක්දින ක්‍රිකට්වල අනාගතය, අයිසීසී පූර්ණ සාමාජිකත්වය සහිත රටවල් ඉලක්ක කර ගත් වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීම රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත්.

එසේම 2028 දී ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උලෙළට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු කිරීම ගැන ද මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

පසුගිය සතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම පිළිබඳ කාරණය අයිසීසී රැස්වීමේ ප්‍රධාන අංගයක් වන බව ද වාර්තා වනවා.

ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව දිගටම පවත්වාගෙන යන්නේ ද යන කාරණයට ද එහි දී අවධානය යොමු වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *