2023 ශ්‍රවණාබාධිත 20-20 ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලිය මෙවර කටාර් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ සදහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල කොළඹ දී පුහුණුවීම් වල නිරත වනවා.
තරගාවලියේ දී ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත කන්ඩායම මෙහෙයවනු ලබන්නේ ගිම්දු මැල්කම් විසින්.
මෙම කණ්ඩායමට දිවයිනේ සෑම පළාත්මක්ම නියෝජනය වන ආකාරයෙන් ක්‍රීඩකයින් ඇතුලත්ව සිටීම විශේෂත්වයක්.
අවසන් වරට 2018 වසරේ දී පැවති ශ්‍රවණාබාධිත ලෝකු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා විසින් හිමිකර ගැනීමට සමත්වුණා.
ඒ අනුව මෙවරත් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදෙමින් කිරුළ ලංකාවට ගෙනඒමට බලාපොරොත්තු වන බවයි කණ්ඩායමේ නායක ගිම්දු මැල්කම් ප්‍රකාශ කළේ.
