ඉන්දියාව පරදන්න රචීන් ආච්චිගෙන් අවසර ඉල්ලයි

ඉන්දියාව හා නවසීලන්තය අතර හෙට (15) පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට පෙර නවසීලන්ත මුල් පෙළේ පිතිකරු රචින් රවීන්ද්‍රා තම ආච්චි හා සීයා හමුවීමට සිය බැංගලෝර්හි පිහිටි පාරම්පරික නිවස වෙත පැමිණියා.

තම මනුපුරා ඉන්දීය පාරම්පරික ගති සිරිත් අනුව පිළිගත් ආච්චි ඔහුට සුබ පැතුම් එක් කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

රචින් ආච්චි හමු වන වීඩියෝව සමාජ මාධ්‍යවල ‘වයිරල්‘ වෙමින් පවතින අතර, මෙමඟින් වැඩිහිටියන්ට ලබා දී ඇති වටිනාකම් බොහෝ දෙනාගේ ඇගැයීමට ලක්ව තිබෙනවා.

රචින් කුඩා කාලයේ ඉන්දියාවේ ජීවත්ව ඇති අතර, ඔහුගේ මවුපියන් 90 දශකයේ නවසීලන්තයට පිටත්ව ගොස් ඇති අතර රචින් එහි හැදී වැඩී දැන් නවසීලන්ත ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටිනවා.

ඔහුගේ ආච්චිලා සීයලා තවමත් ඉන්දියාවේ ජීවත් වන අතර, රචින්ගේ පියා රවී ක්‍රිෂ්ණමූර්ති ක්‍රිකට් ක්‍රීඩාවේ දැඩි රසිකයෙක්.

ඔහු බැංගලෝරයේ ක්‍රිකට් ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කළ අතර, රචින් ඉපදෙන විට රාහුල් ඩ්‍රාවිඩ් සහ සචින් ටෙන්ඩුල්කාර් යන අයගේ නම් එක් කර රචින් ලෙස නම් කළ බව පියා මීට පෙර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ වන විට රචින් ඉනිම 9කදී ලකුණු 565ක් ලබාගෙන ඇත්තේ 70.62ක පිතිකරණ සාමාන්‍යයක් රදවා ගනිමින්.

ඔහු මෙවර ලෝක් කුසලානයේදී ශතක තුනක් සහ එක් අර්ධ ශතකයක් වාර්තා කර ඇති අතර, විරාත් කෝලිට (ලකුණු 594) හා ක්වින්ටන් ඩි කොක්ට (ලකුණු 591) පසුපසින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *