ICC තහනමක් ගැන අනතුර ඇඟවීමක්

ක්‍රිකට් ගැන සොයන්න පත්කළ කැබිනට් අනුකමිටුවේ වගකීම කණ්ඩායම තේරීම හෝ පරිපාලනය තේරීම නොවන බව එම කමිටු සාමාජික අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ පාර්ලිමේන්තුවේ යෝජනා ගෙන ඒම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ICCයෙන් තහනමක් පැනවූවොත් එහි වගකීම 225 දෙනා භාරගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *